by Staff writer 24-12-2019 | 8:55 PM
News 1 st - එන්.ආර්.සී හෙවත් ජාතික පුරවැසි නාමලේඛනය ක්‍රියාත්මක කිරීමේ සිද්ධියට අදාළව ඉන්දීය ස්වදේශ කටයුතු ඇමති අමීත් ෂා සහ අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ අදහස් පරස්පර බව බටහිර බෙංගාල මහ ඇමති මම්තා බැනර්ජි මහත්මිය පවසයි.
ජාතික පුරවැසි නාමලේඛනය රට පුරා ක්‍රියාත්මක කරන බව ස්වදේශ කටයුතු අමාත්‍ය අමීත් ෂා දිගින් දිගටම පෙන්වා දෙනබව බටහිර බෙංගාල මහ ඇමතිනිය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.
නවදිල්ලිහි පසුගිය 22 වැනි දින පැවති භාරතීය ජනතා පක්ෂයේ රැළිය අමතමින් අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පළ කළ අදහස් ස්වදේශ කටයුතු ඇමතිවරයාගේ අදහස් අතර පරස්පරතාවක් පවතින බව මහ ඇමතිනිය වැඩිදුරටත් පෙන්වා දෙයි.
මේ අතර ජාතික පුරවැසි නාම ලේඛනය පිළිබඳව තම රජය පාර්ලිමේන්තුවේ කිසිවිටකත් සංවාද කර හෝ ඒ පිළිබඳව අවසන් නිගමනයකට එළැඹ නොමැති බව එහිදී අග්‍රමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවසා තිබුණි.
ජාතික පුරවැසි නාමලේඛනය අලුත් කිරීම සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමැතිය ඉන්දීය මධ්‍යම රජය විසින් ලබාදෙනු ලැබ තිබේ.
ඒ, සඳහා මධ්‍යම රජයෙන් ඉන්දියානු මුදලින් රුපියල් කෝටි අටදහස් පන්සීයක් විමධ්‍යගත කිරීමට අද අනුමැතිය හිමිව තිබේ.
ඉන්දීය නව ජාතික පුරවැසි නාමලේඛන පනතට එරෙහිව සහ ඊට සහය පළ කරමින් ඉන්දියාව පුරා උද්ඝෝෂණ සහ රැළි තවදුරටත් ක්‍රියාත්මක වන පසුබිමක ඉන්දීය අමාත්‍ය මණ්ඩලය මෙවැනි තීන්දුවක් ගෙන තිබේ.
මේ අතර විරෝධතාවන් අතරතුර ජීවිතක්ෂයට පත් වූ පුද්ගලයින්ගේ පවුල් වෙත තම කණගාටුව ප්‍රකාශ කිරීමට පැමිණි රාහුල් ගාන්ධි හා ප්‍රියංකා ගාන්ධිට ආරක්ෂක අංශ විසින් බාධා එල්ල කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබුණි.
ඒ 144 වන තහනම් නියෝගය ක්‍රියාත්මක වන උත්තර ප්‍රදේශයේ මීරූට්හිදී ය.