by Staff writer 24-12-2019 | 3:51 PM
COLOMBO (News 1st) - මාතර දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජස්ටින් ගලප්පත්ති මහතා අභාවප්‍රාප්ත වී තිබේ.
ඒ, කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.
මිය යන විට ඒ මහතාගේ වයස අවුරුදු 68 කි.
1988 වසරේ සිට දකුණු පළාත් සභාව නියෝජනය කළ ජස්ටින් ගලප්පත්ති මහතා ක්‍රියාකාරී දේශපාලනඥයෙකු ලෙස කටයුතු කළේ ය.
ඒ මහතා එක්සත් ජාතික පක්ෂ දෙවිනුවර ආසන සංවිධායක චතුර ගලප්පත්ති මහතාගේ පියාණන් වේ.
අභාවප්‍රාප්ත ජස්ටින් ගලප්පත්ති මහතාගේ දේහය අද රාත්‍රීය වන විට මාතර, පඹුරණ පිහිටි ඒ මහතාගේ නිවසට රැගෙන යාමට නියමිතයි.