වැලිගමදී පාසල් සිසුවෙකු මුහුදට බිලිවෙයි

වැලිගමදී පාසල් සිසුවෙකු මුහුදේ ගිලීමෙන් මරුට

by Staff writer 24-12-2019 | 4:23 PM

COLOMBO (News 1st) - වැලිගම මුහුදේ දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියේ ගිලී මිය ගොස් තිබේ.

පොලීසිය පැවසුවේ, අද පෙරවරුවේ තව ත් මිතුරන් තිදෙනෙකු සමග මුහුදේ දිය නෑමට ගිය අවස්ථාවේ ඔහු මෙම අනතුරට මුහුණ පා ඇති බවයි. මිය ගොස් ඇත්තේ 14 හැවිරිදි වැලිගම ප්‍රදේශයේ පදිංචි පාසල් සිසුවෙකි. පාසල් සිසුවාගේ මෘත ශරීරය මේ වන විට මාතර රෝහලේ තැන්පත් කර ඇතැයි පොලීසිය පැවසුවේ ය.