රාජිත අත්අඩංගුවට ගැනීමට CID යට නියෝගයක්

රාජිත සේනාරත්න අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නියෝගයක්

by Staff writer 24-12-2019 | 5:04 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නියෝගයක් නිකුත් කර තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙළුම්දෙණිය මහතා එම නියෝගය කළේ, නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ කරුණු දැක්වීම සළකා බැලීමෙන් අනතුරුවයි. නිතිපති නියෝගය අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද පස්වරුවේ අධිකරණයෙන් රාජිත සේනාරත්න මහතා අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නියෝගය ඉල්ලා සිටියේ ය. නොවැම්බර් මස 10 වන දින මාධ්‍ය හමුවක් පවත්වමින් සුදු වෑන් සම්බන්ධයෙන් අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම රාජිත සේනාරත්න මහතාට එරෙහිව ඇති චෝදනාව වේ. මෙම මාධ්‍ය හමුවට රාජිත සේනාරත්න මහතා විසින් කැඳවා ගෙන ආ සුදු වෑන් රියැදුරන් බව සඳහන් කළ දෙදෙනා මේ වනවිට ලබන 27 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.