by Staff writer 24-12-2019 | 1:29 PM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා පත් කර තිබේ.
මෙම පත්වීම පිළිබඳ නිව්ස්ෆස්ට් කළ විමසීමකදී ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඒ බව තහවුරු කළේය.
ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ උපකුලපතිවරයා ලෙස ද, මීට පෙර කටයුතු කර තිබේ.
ආර්ථීක විද්‍යා විෂය පිළිබඳ විශේෂඥයෙකු වන ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා 2005 වසරේදී දේශමාන්‍ය කීර්ති නාමයෙන් ද පිදුම් ලැබු අයෙකි.
ඒ, මහතා 2008 වර්ෂයේදී මුදල් අමාත්‍යාංශයේ උපදේශකවරයෙකු ලෙස පත්වූ අතර, 2010 දී ප්‍රතිපත්ති අධ්‍යයන ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කළේය.
ශ්‍රී ලංකාවේ බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවේ සභාපති ලෙස ද, 2009 වසරේදී මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා කටයුතු කර තිබේ.