ජනපති හා කලාකරුවන් අතර සුහඳ හමුවක්

දේශීය කලාව සහ කලාකරුවා නඟා සිටුවීමට උපරිමයෙන් කැප වෙනවා - ජනපති

by Staff writer 24-12-2019 | 8:02 PM

COLOMBO ( News 1st ) -  දේශීය කලාව සහ කලාකරුවා නගා සිටුවීමට සිය ධූර කාලය තුළ උපරිමයෙන් කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහතිකයක් ලබා දුන්නේ ය.

ඒ, ඊයේ පස්වරුවේ ජනාධිපති මන්දිරයේ පැවති සුහඳ හමුවකදී ය. ජනාධිපතිවරණ ජයග්‍රහණය වෙනුවෙන් කැපවී කටයුතු කළ කලාකරුවන්ට ස්තූතිය පුද කිරීම උදෙසා මෙම හමුව සංවිධානය කර තිබුණි. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ, කලාකරුවන්ට ඉදිරියේදී පහසුකම් රැසක් සළසා දීමට අපේක්ෂා කරන බවයි. කලාකරුවන් වෙනුවෙන් ඉදිකළ රන්මිණිතැන්න සිනමා ගම්මානය ඉකුත් සමයේ නිසි ප්‍රයෝජනයක් නොගෙන අතහැර දමා ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කලාකරුවන්ගෙන් ඉල්ලා සිටියේ ඉන් නිසි ප්‍රයෝජන ගන්නා ලෙසයි. විවිධ ආයතනවල රැකියා සඳහා තෝරා ගැනීමේදී කලාකරුවන්ටද අවස්ථා වෙන් කරනුයේ ඔවුන් ඇගැයීම පිණිස බව ද ජනාධිපතිවරයා මෙහිදී සිහිපත් කළේ ය.