by Staff writer 23-12-2019 | 5:30 PM
COLOMBO (News 1st) - සුදු වෑන් මාධ්‍ය හමුව සම්බන්ධයෙන් තමා අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද තෙවැනි දිනටත් අපේක්ෂිත ඇප අයැදුම්පතක් ඉදිරිපත් කර තිබේ.
ඒ, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය හමුවේදීයි.
ඒ අනුව එම අපේක්ෂිත ඇප අයැදුම්පත ලබන 30 වැනි දා යළි කැඳවීමට නියමිතව ඇත.
එදිනට අධිකරණය හමුවේ පෙනි සිටින්නැයි දන්වා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා සහ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට නොතීසි නිකුත් කෙරුණි.
රාජිත සේනාරත්න මහතා පසුගිය 19 වැනි දා ඉදිරිපත් කළ ඇප අපේක්ෂිත අයැදුම්පත පසුගිය 20 වැනි දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ප්‍රතික්ෂේප කළා ය.
ඒ ඇප අයැදුම්පත හා දිවුරුම් ප්‍රකාශ මගින් ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන වැරදි කුමක්ද යන්න නිශ්චිතව සඳහන් කර නැතැයි පවසමිනි.