රාජිත සේනාරත්නට විදෙස් ගමන් තහනමක්

by Staff writer 23-12-2019 | 6:45 PM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ විදෙස් ගමන් වළක්වමින් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවයි.