පාඨලීගේ විමර්ශනයට පූජිත්ගෙන් ප්‍රකාශ ගැනීමට අවසර

පාඨලීගේ විමර්ශනයට අදාළව පූජිත් ජයසුන්දරගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණයෙන් අවසර

by Staff writer 23-12-2019 | 5:50 PM

COLOMBO (News 1st) - පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතාගේ විමර්ශනයට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගෙන් ප්‍රකාශ ලබා ගැනීමට අධිකරණය අද කොළඹ අපරාධ කොට්ඨාසයට අවසර ලබාදී තිබේ.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය බන්ධනාගාර අධිකාරිවරයාට එම නියෝගය කළේ, කොළඹ අපරාධ කොට්ඨාසය මෝසමක් මගින් කළ කරුණු දැක්වීම සලකා බලමිනි. වැලිකඩ රාජගිරිය ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරක් සම්බන්ධයෙන් පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි. අදාළ රිය අනතුර සිදු වූ කාලයේ හා මෑතකදී පාඨලී චම්පික රණවක මහතා භාවිත කළ ජංගම දුරකතනවල විශ්ලේෂණ වාර්තා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත ලබා දෙන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය දුරකතන සමාගම් කිහිපයකට අද නියෝග කළා ය.