by Staff writer 23-12-2019 | 10:23 PM
COLOMBO (News 1st) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ කුරුඳුගහහැතැක්ම ආසන්නයේ සිදු වූ රිය අනතුරකින් ඉන්දීය ජාතිකයින් තිදෙනෙකු ඇතුළු සිව්දෙනෙකු මියගොස් තිබේ.
පොලීසිය පැවසුවේ, අද රාත්‍රී 7.10 ට පමණ අනතුර වාර්තා වූ බවයි.
කොළඹ දෙසට ධාවනය වූ වෑන් රථයක් ලොරි රථයක පසුපස ගැටීමෙන් අනතුර සිදු විය.
අනතුරින් තුවාල ලැබූ තවත් ඉන්දීය ජාතිකයින් දෙදෙනෙකු රෝහල්ගත කළ බව පොලීසිය සඳහන් කළේ ය.