පාර්ලිමේන්තු රැස්වීම ගැන පක්ෂ නායකයින්ගේ එකඟතාවය

ජනවාරි 03 ජනපති පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු සභාව කැඳවීමට තීරණයක්

by Staff writer 23-12-2019 | 1:44 PM

COLOMBO ( News 1 st ) - ජනවාරි 03 වැනිදා උදෑසන ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව ඇමතීමෙන් පසු යළි එදින පස්වරු 01 ට සභාව කැඳවීමට පක්ෂ නායකයින් එකඟ වී තිබේ.

ඒ, අද පැවති පක්ෂ නායක රැස්වීමේදී ය. කතානයකවරයගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පක්ෂ නායක රුස්වීම පැවැත්විය.