ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 23-12-2019 | 7:19 AM

දේශීය පුවත්

1. රාජ්‍ය ආයතනවලට සෘජු විදේශ ගිවිසුම්වලට එළඹීම තහනම් – ජනාධිපති කාර්යාලය: ජනාධිපති කාර්යාලය රජයේ ඇමතිවරුන්ට හා රාජ්‍ය ආයතනවලට සෘජු විදේශ එකඟතාවලට හෝ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ තහනමක් පනවා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත ඊයේ වාර්තා කර තිබුණි. 2.දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි: නායයාමේ රතු නිවේදනයකුත් නිකුත් කෙරේ:අනුරාධපුර, පොලොන්නරුව, ත්‍රිකුණාමලය සහ වව්නියාව දිස්ත්‍රික්කවලට ඉතා තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 3. ලක්ෂ 50ක හෙරොයින් සමග වෙලේ සුදාගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට:රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 4.රාජ්‍ය ආයතන 80 කට ප්‍රධානීන් පත් කිරීමේ නිර්දේශ ජනපති ලේකම් වෙත:රාජ්‍ය ආයතන 80 කට පමණ සභාපතිවරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත්කිරීමට අදාළ නිර්දේශ ජනාධිපති ලේකම්වරයා වෙත යොමු කර තිබේ. විදෙස් පුවත් 1.ඉන්දීය පුරවැසි පනතට එරෙහිව විරෝධතාවලදී මියගිය ගණන 19 දක්වා ඉහළට: ඉන්දියාවේ පුරවැසි පනතට එරෙහිව විරෝධතාවල නිරත පුද්ගලයින් 1500 කට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන තිබේ. ක්‍රීඩා පුවත් 1. යොවුන් තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට:බටහිර ඉන්දීය කොදෙව් යොවුන් කණ්ඩායම හා එංගලන්ත යොවුන් කණ්ඩායම සමග පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව හිමිකර ගැනීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩකයින් සමත් විය.