by Staff writer 23-12-2019 | 5:03 PM
COLOMBO (News 1st) - මාර්ග අංක 170 අතුරුගිරිය - පිටකොටුව බස් රථ සේවකයින් වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.
ඒ, පසුගිය සිකුරාදා අතුරුගිරිය - පිටකොටුව බස් රථ සේවකයෙකු හා පොලිස් නිලධාරියෙක් අතර ඇති වූ බහින්බස්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලීසිය විසින් නිසි පියවර නොගත් බවට විරෝධය පළ කරමිනි.
කෙසේ වෙතත් මේ හේතුවෙන් මගීන්ට ඇති වන අපහසුතා මගහැරවීම සඳහා තලංගම ඩිපෝව විසින් අතුරුගිරිය සිට පිටකොටුව දක්වා විශේෂ බස් රථ සේවාවක් ක්‍රියාත්මක කර ඇති බව පොලීසිය සඳහන් කළේ ය.