සනත්ගේ වාර්තාව රෝහිත් බිඳ දමයි ද?

වසර 22 ක් පැරණි සනත්ගේ වාර්තව රෝහිත් ෂර්මා බිඳ දමයි ද?

by Staff writer 22-12-2019 | 11:43 AM

News 1st - බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග අද පැවැත්වීමට නියමිත තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදී වසර 22 ක් පැරණි ලෝක වාර්තාවක් බිඳ දැමීමට ඉන්දීය ආරම්භක පිතිකරු රෝහිත් ෂර්මාට අවස්ථාව උදා වී තිබේ.

ඒ, එක්දින 20 යි 20 හා ටෙස්ට් යන තරග රටා සියල්ලෙන්ම වසරක් තුළදී වැඩිම ලකුණු රැස් කළ ආරම්භක පිතිකරුවා ලෙස වාර්තාවක් පිහිටුවීම සඳහායි. මේ වන විට අදාළ ලෝක වාර්තාව පිහිටුවා ඇත්තේ, ශ්‍රී ලංකා හිටපු නායකයෙකු සහ ආරම්භක පිතිකරුවෙකු වූ සනත් ජයසූරිය විසින් වන අතර ඔහු 1997 වසරේ දී ලකුණු 2387 ක් ලබා ගනිමින් මෙම වාර්තාව පිහිටුවා තිබූ නමුත් ඒ වන විට 20යි 20 තරග රටාවක් ක්‍රියාත්මක වූයේ නැත. සනත් ජයසූරිය 1997 වසරේ දී තබා ඇති එම ලෝක වාර්තාව බිඳ දමමින් ඉතිහාස ගතවීමේ අවස්ථාව රෝහිත් ෂර්මාට කොදෙව්වන්ට එරෙහි තෙවැනි එක්දින තරගයේදී හිමි වන අතර ඔහු මේ වන විට මෙම වසරේ දී සියලු තරග රටා ඔස්සේ ලබා ඇති ලකුණු සංඛ්‍යාව 2379 කි. ඔහුට තව ත් අවශ්‍යව ඇත්තේ ලකුණු 9ක් පමණයි.