වෙලේ සුදාගේ ගෝලයින් දෙදෙනෙකු දැලේ

ලක්ෂ 50ක හෙරොයින් සමග වෙලේ සුදාගේ ගෝලයින් දෙදෙනෙකු අත්අඩංගුවට

by Staff writer 22-12-2019 | 6:21 PM

COLOMBO ( News 1st ) - රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙරොයින් තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

ඒ, අද පස්වරුවේ පිළියන්දල හා ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ ක්‍රියාත්මක කළ වැටලීම්වලිනි. අත්අඩංගුවට ගත් සැකකරුවන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන වෙලේ සුදාගේ ගෝලයින් බව පොලීසිය සඳහන් කළේ ය. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය සහ සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය වෙත භාර දී තිබේ. මේ අතර පොලිස් විශේෂ කාර්ය බලකාය ක්‍රියාත්මක කළ තවත් වැටලීම් 2කින් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. පොලීසිය පැවසුවේ එක් සැකකරුවෙකු හෙරොයින් ග්‍රැම් 26 ක් සමග වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවයි. අනෙක් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 800 ක් වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුවන් වැල්ලම්පිටිය සහ මුල්ලේරියාව පොලිස්ථාන වෙත භාරදීමට නියමිත බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කළේ ය.