by Staff writer 22-12-2019 | 9:52 PM
COLOMBO ( News 1st ) - ජනාධිපති කාර්යාලය රජයේ ඇමතිවරුන්ට හා රාජ්‍ය ආයතනවලට සෘජු විදේශ එකඟතාවලට හෝ අවබෝධතා ගිවිසුම්වලට එළැඹීමේ තහනමක් පනවා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබුණි.
වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති කාර්යාලයෙන් මෙම තහනම පනවා ඇති බව සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කළේ ය.
ඒ, අනුව විදේශ ආයෝජකයින් සමග විදේශ ණය දෙන ආයතන සමග ජාත්‍යන්තර ණය දෙන ආයතන සමග හෝ තානාපති කාර්යාල සමග පළාත් සභා ද ඇතුළුව කිසිදු රජයේ ආයතනයකට සෘජු එකඟතා ඇති කර ගත නොහැකි ය.