ජල ගාස්තු වැඩි කිරීමට අවධානය

ජල ගාස්තු වැඩි කිරීම ගැන වාසුදේව කි⁣යන කතාව

by Staff writer 22-12-2019 | 7:28 AM

COLOMBO (News 1st) - ඒකක 15 ට වැඩි ජලය භාවිත කරන ජල සබඳතාවල ගාස්තු වැඩි කිරීමට අවධානය යොමු කර ඇති බව ජල සම්පාදන රාජ්‍ය අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසයි.

නිව්ස්ෆස්ට් රේඩියෝ සටන වැඩසටහනට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේ ය. වාසුදේව නානායක්කාර මහතා සඳහන් කළේ, ජලය අයථා ලෙස පරිභෝජනය කරන පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාකිරීමට නව නීතියක් සකස් කරන බවයි.