ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

ගෙවුණු දවස උණුසුම් කළ පුවත්…

by Staff writer 22-12-2019 | 6:28 AM

දේශීය පුවත්

1. දිස්ත්‍රික්ක 6කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්: අධික වැසි සමග දිස්ත්‍රික්ක 6කට නිකුත් කළ නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. 2. රාත්‍රී තැපැල් දුම්රිය 4 ක් අවලංගු කෙරේ: පවතින අධික වර්ෂාවත් සමග ඇතිව තිබෙන ආපදා හේතුවෙන් ඊයේ පස්වරුවේ ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය 4 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 3. SEMY LUXARY බස් ලබන මාස තුළ අහෝසි කළ හැකියි – මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය: අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවා ලබන මාසය තුළ අහෝසි කළ හැකි බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

විදෙස් පුවත්

4. රුසියාවට නව සම්බාධක පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය: රුසියාවට නව සම්බාධක පැනවීමේ නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.