කවුඩුල්ල ජලාශයෙත් වාන් දොරටු විවෘතයි

කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කෙරේ: විමසිලිමත්ව සිටින්නැයි ජනතාව උපදෙස්

by Staff writer 22-12-2019 | 4:41 PM

COLOMBO ( News 1st ) - පවතින වර්ෂාවත් සමග කවුඩුල්ල ජලාශයේ වාන් දොරටු විවෘත කර ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

එහි සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේ, ඒ පිළිබඳව වාරි කලාප දෙපස ජනතාව වඩාත් විමසිලිමත් විය යුතු බවයි. මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරිඳිඔය සහ ගොඩදොර ඇලෙහි ජල මට්ටම් ඉහළ ගොස් ඇති බැවින් එම ප්‍රදේශවල ජනතාව ද අවධානයෙන් සිටිය යුතු බව ඔහු සඳහන් කළේ ය.