රජය සතු වී තොග බදාදාට පෙර වෙළෙඳපොළ⁣ට – විදුර වික්‍රමනායක

රජය සතු වී තොග බදාදාට පෙර වෙළෙඳපොළ⁣ට – විදුර වික්‍රමනායක

රජය සතු වී තොග බදාදාට පෙර වෙළෙඳපොළ⁣ට – විදුර වික්‍රමනායක

කර්තෘ Staff writer

22 Dec, 2019 | 7:30 am

COLOMBO (News 1st) – රජය සතු සියලු වී තොග ලබන බදාදාට පෙර සහල් බවට පත් කර වෙළෙඳපොළට මුදා හරින බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, රට තුළ නිර්මාණය කර ඇති ව්‍යාජ සහල් හිඟයට මුහුණදීම සඳහා සියලු සැලසුම් සකස් කර ඇති බවයි.

මේ අතර සම්බා හා නාඩු සහල් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් පැනවීමෙන් පසු ඊට වැඩි මිලට සහල් අළෙවි කරන වෙළෙඳ සැල් සොයා ඊයේ දිනයේත් වැටලීම් ක්‍රියාත්මක කෙරුණි.

පාරිභෝගික කටයුතු අධිකාරිය සඳහන් කළේ, මේ වන විට වැඩි මිලට සහල් අළෙවි කළ වෙළෙඳ සැල් 100 කට අධික සංඛ්‍යාවකට එරෙහිව නඩු පවරා ඇති බවයි.

වැටලීම් අද දිනයේත් ක්‍රියාත්මක වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]