පොහොර වංචාවක් ගැන පරීක්ෂණයක්

පොහොර වංචාවක් ගැන පරීක්ෂණයක්

පොහොර වංචාවක් ගැන පරීක්ෂණයක්

කර්තෘ Staff writer

22 Dec, 2019 | 11:18 am

COLOMBO (News 1st) – පොහොර නිකුත් කිරීමේදී සිදුව ඇතැයි කියන වංචාවක් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති බව කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කළේ, ඒ සඳහා අභ්‍යන්තර විගණන අංශයේ කණ්ඩායමක් පත් කර ඇති බවයි.

පොහොර නිකුත් කිරීමේදී පසුගිය කාලයේ විවිධ අක්‍රමිකතා සිදු වූ බවට එල්ල වූ චෝදනා කිහිපයක් මෙම පරීක්ෂණවලට පදනම් වූ බව ද ඔහු පැවසුවේ ය.

අමාත්‍යවරයා සඳහන් කළේ, රජය ලබා දෙන පොහොර සහනාධාරය මෙම ක්‍රියාවලිය තුළින් අවභාවිත වී ඇති බවයි.

වගා කරන බිම් ප්‍රමාණය වෙනස් වුවද සෑම කන්නයකම එක හා සමාන පෙහොර තොගයක් නිකුත් කිරීම පිළිබඳව ද ගැටලු මතුවී ඇති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]