SEMY LUXARY බස් ලබන මාසයේ සිට නවතින ලකුණු

SEMY LUXARY බස් ලබන මාස තුළ අහෝසි කළ හැකියි - මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යාංශය

by Staff writer 21-12-2019 | 12:06 PM

COLOMBO ( News 1st ) - අර්ධ සුඛෝපභෝගී බස් රථ සේවා ලබන මාසය තුළ අහෝසි කළ හැකි බව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් අමාත්‍යංශය සඳහන් කළේ, එම වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසීමේ සාකච්ඡාවක් ප්‍රවාහන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති අවස්ථාවේ ඒ පිළිබඳ එකඟතාවට පැමිණි බවයි. එම බස් සේවය අහෝසි කිරීමෙන් අනතුරුව එම බස් රථ අධිවේගී මාර්ගවල අවම මිල ගණන් යටතේ ධාවනය කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි ද අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. ඊට අමතරව දුර බැහැර සිට සේවයට පැමිණෙන කාර්යාල සේවකයින්ට ප්‍රවාහන පහසුකම් සැපයීමට එම බස් රථ යොදා ගත හැකි දැයි සොයා බලන ලෙස ද අමාත්‍යවරයා නිලධාරීන්ට දැනුම් දුන්නේ ය.