සිරස නත්තල් කලාපය අද දෙවැනි දිනටත්

සිරස නත්තල් කලාපය අද දෙවැනි දිනටත්

by Staff writer 21-12-2019 | 5:54 PM
COLOMBO (News 1st) : විශේෂාංග රැසක් සමගින් සිරස නත්තල් කලාපය අද දෙවැනි දිනටත් ආරම්භ විය. මෙම නත්තල් කලාපය පැවැත්වෙන්නේ කොළඹ 02 බ්‍රේබෲක් පෙදෙසේ පිහිටි සීමාසහිත කැපිටල් මහරාජා සංවිධාන මූලස්ථාන පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමිනි. ශ්‍රී ලංකා යුද හමුදාවේ ඉංජිනේරු සේවා බලකාය නිර්මාණය කළ බෙත්ලෙහෙම් නුවර සර්ව සම ආකෘතිය මෙවර සිරස නත්තල් කලාපයේදී දැකගත හැකියි. ත්‍රිවිධ හමුදා කැරොල් ගී ප්‍රසංග , පාසල් සහ දේවස්ථාන ඉදිරිපත් කරන කැරොල් ගී සංදර්ශන ,හිමලන්තය ඇතුළු විශේෂාංග ද ඊට ඇතුළත් වේ. අතිඋතුම් ශුද්ධෝත්තම ෆැන්සිස් හිමිපාණන් වතිකානයේදී ආශිර්වාද ගැන්වූ දේව මාතා පිළිරුවෙන් ආශිර්වාදය ලබා ගැනීමට ද සිරස නත්තල් කලාපයට පැමිණෙන බැතිමතුන්ට ඉඩ සැලසෙයි. නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශ සජීවීව ඉදිරිපත් කෙරෙන ආකාරය ද සිරස නත්තල් කලාපයේදී නැරඹිය හැකි අතර , නිවුස් ෆස්ට් තිර පරීක්ෂණවලට ඉදිරිපත් වීමේ අවස්ථාව ද ලබා දී තිබේ. මේ අතර මහනුවර කැන්ඩි සිටි සෙන්ටර්හිදී ආරම්භ වූ නිව්ස් ෆස්ට් ස්පෑල්ෂ් 2019 වෙළඳ ප්‍රදර්ශනය හා සැනකෙළිය අදත් පැවැත්වේ.