රුසියාවට සම්බාධක පැනවීමට ට්‍රම්ප්ගේ අනුමැතිය

රුසියාවට නව සම්බාධක පැනවීමට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අනුමැතිය

by Staff writer 21-12-2019 | 11:39 AM

COLOMBO ( News 1st ) - රුසියාවට නව සම්බාධක පැනවීමේ නියෝගයට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අත්සන් තබා තිබේ.

නව නීතියට අනුව රුසියානු රජයට සහය දක්වන සියලු ආයතනවලට සම්බාධක පැනවෙනු ඇති. විදෙස් වාර්තා පැවසුවේ, රුසියාවේ සිට ජර්මනිය දක්වා ගෑස් අපනයන නලයේ ඉදිකිරීම් සමාගමට ඉන් දැඩි බලපෑම් එල්ල වනු ඇති බවයි. එම නලයේ ඉදි කිරීම් යුරෝපා කලාපයේ ආරක්ෂාවට තර්ජනයක් බව අමෙරිකාව පෙන්වා දෙයි.