by Staff writer 21-12-2019 | 4:39 PM
COLOMBO (News 1st) : පවතින අධික වර්ෂාවත් සමග ඇතිව තිබෙන ආපදා හේතුවෙන් අද පස්වරුවේ ධාවනය වීමට නියමිත රාත්‍රී තැපැල් දුම්රිය 4 ක් අවලංගු කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, ඒ අනුව කොටුව - මඩකලපුව සහ මඩකලපුව - කොටුව රාත්‍රී තැපැල් දුම්රිය දෙක සහ කොටුව - ත්‍රිකුණාමලය සහ ත්‍රිකුණාමලය - කොටුව රාත්‍රි තැපැල් දුම්රිය දෙක ද එලෙස අවලංගු කළ බවයි.
මීට අමතරව අද පස්වරුවේ ධාවනය වීමට නියමිතව තිබූ පුලතිසි නගරාන්තර දුම්රිය ද අවලංගු කර තිබේ.
ඇතිව තිබෙන ආපදා තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය තවදුරටත් ඇල්ල දක්වා සීමා කර ඇති බව ද අප කළ විමසීමකදී දුම්රිය දෙපාර්තමේන්තුව පැවසී ය.