පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන්ට නඩු

පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳුන්ට නඩු

by Staff writer 21-12-2019 | 11:26 AM

COLOMBO ( News 1st ) - පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳ සැල් හිමියන් 89 දෙනෙකුට එරෙහිව නඩු පැවරු බව පොලීසිය පවසයි.

පොලීසිය සඳහන් කළේ, දින 2ක් තුළ වෙළෙඳසැල් 1430 ක් පරීක්ෂා කළ බවයි. එහිදී වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳුන් 512 දෙනෙකු හඳුනාගෙන තිබේ. පාරිභෝගික කටයුතු අධිකාරිය පසුගියදා දේශීය සම්බා සහ නාඩු කිලෝග්‍රෑමයක උපරිම සිල්ලර මිල රුපියල් 98 ක් ලෙස ගැසට් මගින් නිවේදනය කර තිබුණි. ඒ, අනුව වැඩි මිලට සහල් අලෙවි කරන වෙළෙඳුන් සොයා පරිභෝගික කටයුතු අධිකාරිය සහ පොලීසිය ඒකාබද්ධව විශේෂ වැටලීම් ආරම්භ කළේ ය. පොලීසිය පැවසුවේ, එම වැටලීම් අඛණ්ඩව සිදු කරන බවයි. මේ අතර වීරවිල, පන්නෙගමුව රජයේ සහල් ගබඩාවේ සහල් කිලෝග්‍රෑම් ලක්ෂ 50කට වැඩි ප්‍රමාණයක් මේ වනවිට ගොඩ ගසා ඇතැයි සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා අනාවරණය කළේ ය.