දිස්ත්‍රික්ක 6කට තවදුරටත් නායයෑමේ අනතුරු ඇඟවීම්

දිස්ත්‍රික්ක 6කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් තවදුරටත්

by Staff writer 21-12-2019 | 4:55 PM
COLOMBO (News 1st) : අධික වැසි සමග දිස්ත්‍රික්ක 6කට නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මකයි. ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නායයෑම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ වසන්ත සේනාධීර මහතා සඳහන් කළේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බවයි.