by Staff writer 21-12-2019 | 12:43 PM
COLOMBO ( News 1st ) - ජාතික පාසල් 278ක විදුහල්පති පුරප්පාඩු සඳහා සුදුසුකම් සහිත නිලධාරීන් තෝරාගැනීමේ සම්මුඛ පරීක්ෂණ හෙට ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.
ලබන 28 වැනිදා දක්වා එම සම්මුඛ පරීක්ෂණ පැවැත්වෙනු ඇති.
මේ යටතේ පුරප්පාඩු පවත්නා පාසල් සංඛ්‍යාවට සමාන නිලධාරීන් සංඛ්‍යාවක් විදුහල්පතිවරුන් ලෙස පත්කිරීම සඳහා තෝරාගැනෙන අතර, අයැදුම්කරුවන්ට තම මනාපය පරිදි පාසල් කිහිපයක් නම් කිරීමට අවස්ථාව සලසා දී ඇතැයි අධ්‍යාපන අමාත්‍යංශය පැවසුවේ ය.
රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ අධ්‍යාපන සේවා කමිටුව අනුමත කරන ලද ලකුණු පටිපාටියක් යටතේ එම කමිටුව මගින් පත්කරනු ලබන සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් විසින් ලබාදෙන ලකුණු මත පදනම්ව මෙම විදුහල්පති තනතුරු සඳහා බඳවා ගැනීම් ඉදිරි වර්ෂයේදී සිදුකරනු ලබන බව ද අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක සඳහන් ය.