by Staff writer 20-12-2019 | 9:44 PM
COLOMBO (News 1st ) - සාමයේ පණිවිඩය සමග උදාවන අසිරිමත් නත්තල අර්ථ ගන්වමින් රටම සරසන සිරස නත්තල් කලාපය අද පස්වරුවේ ආරම්භ විය.
කොළඹ 02 බේබෲක් පෙදෙස, සිරස ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේ ඉදි කර ඇති නත්තල් කලාපය නිල වශයෙන් ආරම්භ කෙරුණේ ලංකා සභාවේ කොළඹ අගරදගුරු අතිගරු දිලෝරාජ් කනගසබේ හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි.
කොළඹ ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ කැරොල් කණ්ඩායම උත්සවය විචිත්‍රවත් කළේ ය.
රෝමයේ වතිකානයේ ෆ්‍රැන්සිස් ශුද්ධෝත්තම හිමිපාණන් විසින් ආශිර්වාද ගැන්වූ දේව මාතා ප්‍රතිමාව දැකබලා ගැනීමට සිරස නත්තල් කලාපයේදී ජනතාවට අවස්ථාව උදා වේ.