by Staff writer 20-12-2019 | 4:25 PM
COLOMBO ( News 1st ) - වාරියපොළ බන්ධනාගාරය තුළ වෙඩි තැබීමකින් රැඳවියෙකු තුවාල ලබා තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ජයසිරි තෙන්නකෝන් මහතා සඳහන් කළේ, රැඳවියෙකු විසින් තවත් රැඳවියෙකුට වෙඩි තබා ඇති බවයි.
වෙඩි තැබීමෙන් තුවාල ලැබූ රැඳවියා වාරියපොළ රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වාරියපොළ පොලීසිය පරීක්ෂණ මෙහෙයවයි.