by Staff writer 20-12-2019 | 5:16 PM
COLOMBO ( News 1st ) - අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 9කට බලපෑම් එල්ල වී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
එම දිස්ත්‍රික්ක වන්නේ, බදුල්ල, මොණරාගල,මඩකලපුව, මුලතිව්, යාපනය, මහනුවර, නුවරඑළිය, හම්බන්තොට සහ අනුරාධපුරයයි.
පවුල් 859කට අයත් පුද්ගලයින් 2,788 කට ඉන් බලපෑම් එල්ල වී තිබේ.
පීඩාවට පත් වූ පුද්ගලයින් 2,033 දෙනෙකු මේ වනවිට ආරක්ෂිත රැඳවුම් මධ්‍යස්ථාන 21 කට යොමු කර තිබේ.
මේ අතර ගංගා කිහිපයක ජල මට්ටම් ඉහළ යමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ ය.
එම මධ්‍යස්ථානය පැවසුවේ, කුඹුක්කන්ඔය නක්කල ප්‍රදේශයෙන් සුලු ගංවතුර මට්ටම දක්වා වැඩිවෙමින් පවතින බවයි.
හැඩ ඔය සියඹලාණ්ඩුව ප්‍රදේශයෙන් අවදානම් මට්ටමේ පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
වාර්මාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශ 35 ක වාන් දොරටු විවෘත කර ඇතැයි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ ජානකී මිගස්තැන්න මහත්මිය සඳහන් කළා ය.
අධික වාර්ෂාවත් සමග මහවැලි ගඟ වෙරංගතොට හා මනම්පිටිය , තල්දෙන සහ වෙරගංතොට යන ප්‍රදේශවලින් සුලු ගං වතුර මට්ටමට ආසන්න වෙමින් පවතින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.