දක්ෂිණ අධිවේගයේ බස් ගාස්තු කිහිපයක් අඩු කෙරේ

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු කිහිපයක් අඩු කෙරේ

by Staff writer 20-12-2019 | 6:12 PM

COLOMBO ( News 1st ) - දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් ගාස්තු කිහිපයක් සංශෝධනය කර තිබේ.

ඒ අනුව මගී ප්‍රවාහන කළමනාකරණ අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, මෙම මස 23 වන දා සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට මීගමුව දක්වාත්, ගාල්ල සිට මීගමුව දක්වාත් ධාවනය වන බස් රථවල බස් ගාස්තු වල අඩු වීමක් සිදුවන බව ය.