ICTA නව අධ්‍යක්ෂ මණ්ඩලය

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්

by Staff writer 20-12-2019 | 10:18 PM

COLOMBO ( News 1st ) -  ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතනයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණික නියෝජිත ආයතනයේ සභාපතිවරයා ලෙස පත් කර ඇත්තේ අයි.එෆ්.එස් ආයතනයේ නිර්මාතෘ ජයන්ත සිල්වා මහතා ය. මනෝසේකරම් මහතා ද අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකි. ආචාර්ය සංජීව වීරවරණ මහතා සහ මනෝරි උනම්බුව මහත්මියද අධ්‍යක්ෂ මණ්ඩලයට පත් කර තිබේ. ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිත ආයතන නව අධ්‍යක්ෂ මණ්ඩලයේ සෙසු සාමාජිකයින් වන්නේ වසන්ත දේශප්‍රිය සහ සහ රෙශාන් දේවපුර යන මහත්වරුන් ය.