අප්‍රේල් 21 ප්‍රහාරයේ අතුරු වාර්තාව ජනපති අතට

අප්‍රේල් 21 ප්‍රහාරය: ජනපති කොමිසමේ අතුරු වාර්තාව ජනපති අතට

by Staff writer 20-12-2019 | 3:27 PM

COLOMBO ( News 1st)  -  අප්‍රේල් 21 ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අතුරු වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට භාර දී තිබේ.

එම කොමිසමේ ලේකම් එච්.එම්.පි.බී හේරත් මහතා සඳහන් කළේ, ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී එම වාර්තාව භාර දුන් බව ය. එම කොමිසම මගින් සාක්ෂි විමසීම මාස 3 කට ආසන්න කාලයක් සිදු කළේ ය.