NTJ සමග සබඳතා පැවැත් වූ 63 දෙනා යළි රිමාන්ඩ්

NTJ සමග සබඳතා පැවැත් වූ 63 දෙනා යළි රිමාන්ඩ්

by Staff writer 19-12-2019 | 6:08 PM

COLOMBO ( News 1st ) - අප්‍රේල් 21 ප්‍රහාරයෙන් පසු ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවට ගත් 63 දෙනෙකු ලබන 31 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ.

ඒ, ඔවුන් අද මඩකලපුව මහේස්ත්‍රාත් ඒ. සී.රිස්වාන් මහතා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ය. නුවරඑළියේදී සහරාන් හෂීම් නමැත්තා සමග අවි පුහුණු ලබාගත් බවට සැකපිට ඔවුන් අත්අඩංගුවට ගැනුණි. සැකකරුවන් මඩකලපුව කාත්තණ්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර අත්අඩංගුවට පත්වූවන් අතර කාන්තාවන් හතරදෙනෙක් ද වෙති.