MCC තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් තීරණයක්

MCC තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් තීරණයක්: අධ්‍යයනයට කමිටුවක්

by Staff writer 19-12-2019 | 10:50 AM

COLOMBO (News 1st) - මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් හෙවත් MCC ගිවිසුමට අදාළ කටයුතු අත්හිටුවීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබේ.

කැබිනට් තීරණ දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් සමකැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේ, එම ගිවිසුම පිළිබඳ අධ්‍යයනයට සිව්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවයි.