හිටපු ඇමති පාඨලී ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 19-12-2019 | 11:45 AM

COLOMBO (News 1st) - හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබන 24 වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදී ය. ඒ, බත්තරමුල්ල, ජයන්තිපුර පිහිටි ඔහුගේ නිවසේදී ය. 2016 වසරේ පෙබරවාරි 28 වැනි දා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලු නීතිපතිවරයා පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේ ය.