Update : පාඨලි චම්පික යළි අධිකරණයට

Update : හිටපු අමාත්‍ය පාඨලි චම්පික යළි අධිකරණයට

by Staff writer 19-12-2019 | 6:47 AM

COLOMBO (News 1st) - රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද යළි අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.

--------------------------------------------------------------------------------------------------------------------

හිටපු අමාත්‍ය පාඨලි චම්පික රණවක මහතා අද යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

හිටපු අමාත්‍යවරයා ඊයේ රාත්‍රියේ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අද දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි. කොළඹ අපරාධ කොට්ඨාසය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ ඊයේ පස්වරුවේදී ය. ඒ, බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි ඔහුගේ නිවසේදීයි. 2016 වසරේ පෙබරවාරි 28 වැනි දා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී සිදු වූ රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කොට්ඨාසය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලු නීතිපතිවරයා පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කළේ ය.