සම්බා සහ නාඩු සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

සම්බා සහ නාඩු සහල් සඳහා උපරිම සිල්ලර මිලක්

by Staff writer 19-12-2019 | 6:25 PM
COLOMBO (News 1st) : සම්බා සහ නාඩු සහල් සඳහා රුපියල් 98 ක උපරිම සිල්ලර මිලක් නියම කරමින් අද මධ්‍යම රාත්‍රියේ ගැසට් නිවේදනයක් නිකුත් කරන බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි. එහි අධ්‍යක්ෂ ජනරාල් එම්. එස්. එම්. ෆවුසර් මහතා සඳහන් කළේ, අද සිට ක්‍රියාත්මක වන පරිදි මෙම උපරිම සිල්ලර මිල නියම කර ඇති බවයි. ජනාධිපතිතුමාගේ උපදෙස් මත එය ක්‍රියාත්මක බව ද ඔහු පැවසී ය.