ශ්‍රී ලංකා - පකිස්ථාන දෙවන ටෙස්ට් තරගය අද

ශ්‍රී ලංකා - පකිස්ථාන දෙවන ටෙස්ට් තරගය අද

by Staff writer 19-12-2019 | 9:20 AM

News 1st - ශ්‍රී ලංකා - පකිස්ථාන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගය කරච්චි නුවරදී අද ආරම්භ වේ.

අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙහෙයවන ටෙස්ට් ලෝක ශූරතාවලියේ තරගයක් ලෙස මෙය ක්‍රියාත්මක වනු ඇත. වර්ෂාව හේතුවෙන් දෙරට අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවසුවේ, ශක්තිමත් මනසකින් යුතුව අද තරගයට එක්වන බවයි. එමෙන්ම පකිස්ථානය ක්‍රිකට් ක්‍රීඩාව සඳහා ආරක්ෂිත රටක් බව ද ඔහු සඳහන් කළේ ය. මේ අතර ආබාධයකට ලක් වූ කසුන් රාජිත වෙනුවට අද තරගයේදී යොදා ගන්නා ක්‍රීඩකයා පිළිබඳව අවසන් තීරණයට එලැඹීම ක්‍රීඩාංගණයේ තණතිල්ල පරීක්ෂා කිරීමෙන් අනතුරුව සිදු කරන බවට ශ්‍රී ලංකා නායකයා පැවසුවේ ය. පකිස්ථාන නායක අසාර් අලී පවසන්නේ, තම කණ්ඩායමද මෙම තරගය සඳහා යහපත් සහ ශක්තිමත් මනසකින් යුතුව ඉදිරිපත් වන බවයි. නිමා වූ පළමු තරගය මෙන් නොව මෙය ජයග්‍රහණයක් සහිතව අවසන් කිරීමට උත්සාහ ගන්නා බව ද ඔහු සඳහන් කළේ ය. අද තරගය මෙරට වේලාවෙන් උදෑසන 10.00 ට ආරම්භ වීමට නියමිත වේ.