මහ මැතිවරණය ගැන ජනපතිගෙන් ඉඟියක්

මාර්තු 03 වනදාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් තියනවා - ජනපති

by Staff writer 19-12-2019 | 10:16 PM
 

COLOMBO ( News 1st ) -  ලබන මාර්තු 03 වැනිදාට පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයට යන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසුවේ ය.

ඒ, විදෙස් ජනමාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේ යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ය.
මාධ්‍යවේදී ප්‍රශ්නය ජනාධිපතිතුමනි, 2020 වර්ෂයේ ඔබගේ සැළසුම් මොනවද? 2020 මැතිවරණයට පෙර අයවැයක් ගෙන ඒමේ සැලැස්මක් තිබෙනවද? පිළිතුර - නැහැ මම දන්නේ නැහැ ඒක කොහොම වේවිද? මට සිද්ධ වෙනවා මාර්තු 3 වනදා වෙනකොට පාර්ලිමේන්තුව විසුරුවා හරින්න. අප්‍රේල් අන්තිම වෙනකොට මැතිවරණය පවත්වන්නත් පුලුවන් වේවි. ඊට පස්සේ තමයි මට පුලුවන් වෙන්නේ අයවැය ගේන්න