by Staff writer 19-12-2019 | 4:22 PM
COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගැනීමට පෙර කතානායකවරයා දැනුවත් නොකළ බව නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.
නියෝජ්‍ය කතානායකවරයා පැවසුවේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු අත්අඩංගුවට ගැනීමට පෙර සම්ප්‍රදායානුකූලව කතානායකවරයා දැනුවත් කළ යුතුව ඇති බවයි.
ඊයේ පස්වරු 6.57ට පමණ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරියෙකු තමාට දුරකතනයෙන් අමතා හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනීමට සූදානම් වන බව දැනුම් දුන් බව ද නියෝජ්‍ය කථානායකවරයා පැවසී ය.
කෙසේ වෙතත් අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මේ වන තෙක් ලිඛිත දැනුම්දීමක් සිදු කර නොමැති බව බවත් ඒ සම්බන්ධයෙන් කනගාටු වන බවත් නියෝජ්‍ය කථානායකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
කතානායක කාර්යාලය අද පස්වරුවේ නිවේදනය නිකුත් කරමින් මේ ක්‍රියාවළිය මෙතෙක් පැවති සම්ප්‍රදාය උල්ලංඝනය කිරීමක් බව සඳහන් කළේ ය.
මීට පෙර මෙවැනි අවස්ථාවකදී ක්‍රියාකරන සම්ප්‍රදාය ගැන චමල් රාජපක්ෂ මහතාත් කරු ජයසූරිය මහතාත් කතානායකවරුන් ලෙස කරුණු සඳහන් කර ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ.
මහජන නියෝජිත වරප්‍රසාද උල්ලංඝනය වන ආකාරයෙන් ක්‍රියා කිරීම ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක වැදගත් සම්ප්‍රදායන් අභියෝගයට ලක්කිරීමක් පමණක් නොව පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය බිද වැටීමක භයානක පෙර නිමිති බව ද කතානායක කාර්යාලය නිකුත් කළ නිවේදනයෙන් පෙන්වා දී තිබේ.