by Staff writer 19-12-2019 | 4:48 PM
COLOMBO ( News 1st ) - මෙවර නත්තල් උත්සවයේදී ජනතාව වෙනුවෙන් අමතර ආරක්ෂාවක් සපයන ලෙස කොළඹ අගරදගුරු හිමිපාණන් ඉල්ලීමක් සිදු කර තිබේ.
උන්වහන්සේ සඳහන් කළේ, ජනතාව සඳහා එම ආරක්ෂාව සැපයීමට රජය පොරොන්දු වූ බවයි.
අගරදගුරු හිමිපාණන් මේ බව සඳහන් කළේ, අගරදගුරු නිල නිවසේ පැවති මාධ්‍ය හමුව අමතමිනි.
ඒ අනුව නත්තල් දින රාත්‍රී දේව මෙහෙය මෙන්ම නත්තල් දින දේව මෙහෙය පැවත්වෙන අවස්ථාවලදී ආරක්ෂාව සැපයෙනු ඇති.
තව ද ආරක්ෂාව සම්බන්ධයෙන් පසුගිය සමායේ යම් යම් තොරතුරු ලැබෙමින් පැවති ඇතැයි, ද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ ය.