Update : අත්අඩංගුවට ගත් පාඨලී CCDයට රැගෙන එයි

Update : පාඨලී චම්පික රක්ෂිත බන්ධනාගාරයට

by Staff writer 18-12-2019 | 7:08 PM
COLOMBO (News 1st): අත්අඩංගුවට ගත් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක හෙට දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. ............................................................... COLOMBO (News 1st): අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අද පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන ආවේ ය. අමාත්‍යවරයා අත්අඩංගුවට ගැණුනේ බත්තරමුල්ල ජයන්තිපුර පිහිටි නිවසේදීයි. 2016 පෙබරවාරි 28 වැනිදා රාත්‍රියේ රාජගිරිය ප්‍රදේශයේදී රිය අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදුකළ කොළඹ අපරාධ කෝට්ඨාසය ඉදිරිපත් කළ විමර්ශන වාර්තාවක් සලකා බැලූ නීතිපතිවරයා පාඨලි චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේ ය. හිටපු අමාත්‍යවරයා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත රැගෙන යෑමෙන් පසු එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ද එහි පැමිණියේ ය. මේ අතර සජිත් ප්‍රේමදාස මහතා කොළඹ අපාරාධ කොට්ඨාස පරිශ්‍රයට පැමිණියේ ය. ................................................................................................................................................................ COLOMBO (News 1st) : හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගෙන තිබේ. පාඨලී චම්පික රණවක මහතා අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ, කොළඹ අපරාධ කොට්ඨාසය විසිනි. https://www.facebook.com/NewsfirstSL/videos/563780544458142/ https://www.facebook.com/NewsfirstSL/videos/742600086246161/ https://www.facebook.com/NewsfirstSL/videos/570651707067827/