රිය අනතුරකින් බන්ධනාගාර සැරයන්වරයෙකු මරුට

සීගිරියේ රිය අනතුරකින් බන්ධනාගාර සැරයන්වරයෙකු මරුට : රැඳවියෙකු ඇතුළු දෙදෙනෙකුට තුවාල

by Staff writer 18-12-2019 | 11:33 AM

COLOMBO (News 1st) - අද අලුයම සීගිරිය, අවුඩන්ගාව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් බන්ධනාගාර සැරයන්වරයෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, පල්ලේකැලේ, දුම්බර බන්ධනාගාරයේ සිට හිඟුරක්ගොඩ අධිකරණය වෙත රැඳවියෙකු රැගෙන යමින් සිටියදී ඔවුන් ගමන්ගත් වෑන් රථය ගසක ගැටී අනතුර සිදු ව ඇති බවයි. අනතුර සිදුවන අවස්ථාවේ බන්ධනාගාර වෑන් රථයේ නිලධාරින් තිදෙනෙකු සහ රැඳවියා ගමන් කර ඇත. මිය ගොස් තිබෙන්නේ, 52 හැවිරිදි සැරයන්වරයෙකි. අනතුරින් තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සහ රැඳවියා මේ වන විට දඹුල්ල රෝහලේ ප්‍රතිකාර ලබන බව ද පොලීසිය ප්‍රකාශ කළේ ය. අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.