by Staff writer 18-12-2019 | 7:25 PM
COLOMBO ( News 1st ) - දුප්පත්කම තුරන් කිරීම අරමුණු කර ගත් රැකියා ලක්ෂයක් බිහි කිරීමේ වැඩසටහන ජනවාරි 15 වනදා ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.
ඒ, පිළිබඳව වූ සාකච්ඡාවක් අද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.
සමෘද්ධිය සඳහා සුදුසුකම් ලබන එහෙත් එය නොලබන පවුල්වල වැඩිදුර අධ්‍යාපනයක් නොලැබූ දරුවන් වෙනුවෙන් මෙම රැකියා නිර්මාණය කෙරෙන්නේ, බහුකාර්ය සංවර්ධන කාර්ය සාධක බලකායක් යටතේ ය.
එය පිහිටුවීමේ මූලික අඩිතාලම සඳහා වූ සාකච්ඡාවක් අද ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණි.
සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකම 300ත් 350ත් අතර පිරිසක් මේ යටතේ බඳවා ගැනීමට නියමිත ය.
ඔවුන් පාසල්, රෝහල් හා වෙනත් රාජ්‍ය ආයතනවල ඇති අධ්‍යාපන මට්ටමක් අවශ්‍ය නොවන පුරප්පාඩු සඳහා අනුයුක්ත කෙරෙන්නේ පුහුණුවකින් අනතුරුවයි.
ආරක්ෂක අමාත්‍යංශයේ හා ත්‍රිවිධ හමුදාවේ අධීක්ෂණය යටතේ බඳවා ගැනීම් සහ පුහුණුවීම් සිදු කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.