රාජ්‍ය ආයතනවලට ලෝක බැංකුවෙන් ඩො.මි. 25 ණයක්

රාජ්‍ය ආයතන ශක්තිමක් කිරීමට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 25 ණයක්

by Staff writer 18-12-2019 | 1:45 PM

COLOMBO (News 1st) - මෙරට රාජ්‍ය ආයතන ශක්තිමක් කිරීම සහ විනිවිදභාවය ඇති කිරීම සඳහා ලෝක බැංකුව ඩොලර් මිලියන 25 ණයක් අනුමත කර තිබේ.

පස් අවුරුදු ව්‍යාපෘතියක් සඳහා ආයෝජනය කිරීමට මෙම මුදල ලබා දුන් බව අද නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. ලෝක බැංකුවේ නේපාල, ශ්‍රී ලංකා සහ මාලදිවයින් අධ්‍යක්ෂවරයා සඳහන් කළේ, රාජ්‍ය ආයතනවල වගවීම තහවුරු කිරීම සඳහා මෙම අරමුදල් සැපයෙන බවයි.