by Staff writer 18-12-2019 | 10:29 PM
COLOMBO ( News 1st ) - මහා භාණ්ඩාගාරය අද කෙටි කාලීන භාණ්ඩාගාර බිල්පත් නිකුතුවකින් රුපියල් බිලියන 18ක අරමුදල් රැස් කරගෙන තිබේ.
සියයට 7.51 ක පොළී අනුපාතිකයක් යටතේ මාස 3කින් කල් පිරෙන පරිදි රුපියල් බිලියන 2.5 ක වටිනාකමකින් යුත් බිල්පත් වෙන්දේසිය සඳහා ඉදිරිපත් කළ ද ලංසු භාරගෙන ඇත්තේ රුපියල් මිලියන 511 ක් සඳහා පමණි.
මාස 6කින් කල් පිරෙන පරිදි රුපියල් බිලියන 10 ක වටිනාකමකින් යුත් බිල්පත් සියයට 7.9ක පොළී අනුපාතිකයක් යටතේ අද වෙන්දේසියට ඉදිරිපත් කර තිබු අතර ලංසු භාර ගෙන තිබෙන්නේ රුපියල් බිලියන 3.8ක් පමණක් ආවරණය වන පරිද්දෙන් ය.
වසරකින් කල් පිරෙන පරිදි රුපියල් බිලියන 12.5 ක වටිනාකමකින් යුත් බිල්පත් ඉදිරිපත් කර ඇති අතර එහි ලංසු වටිනාකම රුපියල් බිලියන 23ක් වුවත් භාරගනු ලබන්නේ රුපියල් බිලියන 13.6 ක් වටිනා ලංසු පමණයි.
මෙම බිල්පත් තුනෙහිම වටිනාකම රුපියල් බිලියන 25 කි.
ඒ, වෙනුවෙන් ලැබුණු ලංසුවල වටිනාකම රුපියල් බිලියන 40 ක් වන අතර, අලෙවි කෙරෙන්නේ රුපියල් බිලියන 18 ක වටිනාකමකින් යුත් ලංසු පමණයි.
පොළී අනුපාත මෙලෙස ඉහළ ගිය විට ඒවා පහත දමා ගැනීම සඳහා මහා භාණ්ඩාගාරය අලුතින් මුදල් නිකුත් නොකළ හොත් ආර්ථිකය මෙන්ම රුපියල ද තවදුරටත් ස්ථාවරව පවතිනු ඇති බව ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවි විශ්ලේෂකයින් උපුටා දක්වමින් සඳහන් කර තිබේ.
ශ්‍රී ලංකා මහ බැංකුව ඉකුත් ජූලි මාසයේ මුල්‍ය ප්‍රතිපත්ති සංශෝධනය කරමින් බැංකුවලට මුදල් නිකුත් කළේ, පොලී අනුපාත පහත දමා ගැනීමේ අරමුණින් ය.
ඉකොනොමි නෙක්ස්ට් වෙබ් අඩවියට අනුව දෙසැම්බර් 17 වැනිදා වානිජ බැංකු මහ බැංකුවේ තැන්පත් කළ ද්‍රවශීල වත්කම් ප්‍රමාණය රුපියල් බිලියන 44.9 කි.
ඊට දිනකට පෙර වානිජ බැංකු රුපියල් බිලියන 36ක ද්‍රවශීල වත්කම් මහ බැංකුවේ තැන්පත් කර තිබුණි.