පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට පැවැත්වීමට එකඟතාවක්

පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට පැවැත්වීමට නීති අංශ අතර එකඟතාවක්

by Staff writer 18-12-2019 | 10:36 PM

COLOMBO ( News 1st ) - පළාත් සභා මැතිවරණය පරණ ක්‍රමයට පැවැත්වීම සදහා නීති අංශ අතර එකඟත්වයක් ඇතිව තිබේ.

ඒ, ඊයේ පැවති විශේෂ සාකච්ඡාවකදී ය. නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මැතිවරණ කොමිසමේ නියෝජිතයින් හා අධිකරණ අමාත්‍යංශයේ නියෝජිතයින්ගෙන් සැදුම්ලත් කමිටුවක් හා අමාත්‍ය නිමල් සිරිපා ල ද සිල්වා මහතා අතර හමුවක් ඊයේ එම අමාත්‍යංශයේදී පැවැත්වුණි. මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා සඳහන් කළේ, මැතිවරණය පැරණි ක්‍රමයට පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුවේ නීති සම්මත කර ගැනිමට ද මෙහිදි එකඟත්වයකට පැමිණි බවයි. අදාළ සංශෝධන මසක් ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකි පරිදි නීති සකස් කිරීමට නියමිත බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය. මීට අමතරව, මැතිවරණ සඳහා තැන්පත් කරන ඇප මුදල වැඩි කිරීම, ප්‍රචාරක වියදම් පාලනය ඇතුළු මැතිවරණවලට අදාළ නීති කිහිපයක් කඩිනමින් සංශෝධනයට ද මෙම සාකච්ඡාවේදී එකඟත්වය ලැබී තිබේ.