පකිස්ථාන ජාතිකයෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

පකිස්ථාන ජාතිකයෙකුට කොළඹ මහාධිකරණයෙන් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

by Staff writer 18-12-2019 | 4:08 PM

COLOMBO ( News 1st ) - පකිස්ථාන ජාතිකයෙකුට කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා අද ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළේ ය.

ඒ, හෙරොයින් ග්‍රෑම් 720 යි මිලිග්‍රෑම් 02ක ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කිරීම යන අධිචෝදනා 2කට වරදකරු කරමින් ය. 2017 ඔක්තෝබර් 27 වනදා වැල්ලවත්ත ප්‍රදේශයේදී හෙරොයින් කිලෝග්‍රෑම් 1ට අධික ප්‍රමාණයක් සමග විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.